.webp)
 (8)-626880.jpg)
විදෙස් මාධ්ය වාර්තා කළේ, ඔහු යාෂා පක්ෂයේ ගාඩි අයිසන්කොත්ට වඩා ඉදිරියෙන් සිටින නමුත් තවමත් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කර ගැනීමට සමත් වී නොමැති බවයි.
සමස්ත ඡන්දවලින් 85%ක් මේ වනවිට ගණනය කර අවසන්.
ඒ අනුව නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ආසන 120කින් යුත් නෙසෙට් හි ආසන 53ක් දිනා ගැනීමට සමත් වී ඇත.
ගාඩි අයිසන්කොත්ගේ යාෂා පක්ෂය සහ තවත් යුදෙව් විරෝධී පක්ෂ තුනක් දිනා ගත් ආසන සංඛ්යාව 48 කි.
නායකයින් දෙදෙනාම පවසා ඇත්තේ, පාලන සන්ධානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි.
තවත් ඡන්ද පත්රිකා 430,000 - 480,000ත් අතර ප්රමාණයක් ගණනය කර නොමැති අතර, ඒ හේතුවෙන් අවසාන මැතිවරණ ප්රතිඵල නිකුත් වීමට තවත් දින දෙකක කාලයක් ගතවනු ඇත.
කෙසේ වෙතත් බෙන්ජමින් නෙතන්යාහු සහ අයිසන්කොත් පාර්ශවයන්ට අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වා සන්ධානයක් පිහිටුවා ගත නොහැකි වුවහොත් තවත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කර තිබිණි.
