පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන 27ක් තහනම් කෙරේ...

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 27ක් තහනම් කෙරේ...

by Staff writer 29-10-2026 | 7:02 AM

COLOMBO (News 1st) - තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 27ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ මහ බැංකුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

අදාළ ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට, එම විමර්ශනයේදී හඳුනාගෙන නිර්ණය කර ඇත.