.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාතෙවලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
මේ අතර කළු, නිල්වලා සහ ගිං ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්යා අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පැවසුවේ පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
මේ අතර දිස්ත්රික්ක 10ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වේ.
ඒ අනුව දිස්ත්රික්ක 5කට අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් බලාත්මකයි.
ගම්පහ, කළුතර,කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස ඒ අතරට ඇතුළත්.
