ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක කාර්මික දෝෂයක්

පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයකට

by Staff writer 28-10-2026 | 5:13 PM

COLOMBO(News1st) - එංගලන්තයේ ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

ඒ පියාසැරියට සූදානම්ව ගුවන් පථයේ ධාවනයේ නිරත වෙමින් තිබියදී දකුණු එන්ජිමට පක්ෂියෙකු ඇතුල් වීම හේතුවෙන්.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, වහා ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් යානය ධාවන පථයේ නවත්වාගෙන මගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

යානය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු එහි සිට තිබේ.

යානය අද(28) පස්වරු 12.55ට ලන්ඩන් බලා පිටත්වීමට නියමිතව තිබූ අතර, සිද්ධියෙන් එන්ජිමට හානි වීම නිසා පස්වරු 4.30ට නව යානයන් ලන්ඩන් බලා පිටත් කර හැරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.