.webp)

ඒ, බ්රවුන්ස් හිල් ඉඩම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරන චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළවයි.
මාතර මහේස්ත්රාත් චතුර දිසානායක එම නියෝගය නිකුත් කළේ, පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්රවුන්ස්හිල් ප්රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇයගේ ස්වාමියා තිස්ස ගලප්පත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
