.webp)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, රත්නපුර, අයගම , පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස ඒ අතරට ඇතුළත් වේ.
කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල , දොඩම්ගොඩ, මදුරාවල, මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර සහ පස්බාග කෝරලය, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට , අරණායක, ගලිගමුව, දැරණියල සහ කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල ප්රදේශිය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ නිවේදන නිකුත් කර තිබේ.
නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව කෝරලය සහ කොත්මලේ බටහිර , නෝර්වුඩ්, රත්නපුර දිස්ත්රික්කයේ නිවිතගල, කිරිඇල්ල බලංගොඩ , ඇහැලිගොඩ සහ කලවාන ද අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ නිවේදන නිකුත් කළ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ද ඒ අතරට ඇතුළත් වේ.
මේ අතර ගාල්ල, ගම්පහ, කළුතර , මහනුවර, කෑගල්ල , කුරුණෑගල, නුවරඑළිය රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ක්රියාත්මකයි.
මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 මේ වන විට විවෘත කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් තප්පරයට ඝන අඩි 2,640ක ජල ධාරිතාවක් මී ඔයට මුදා හරින බවයි.
ඒ අනුව මී ඔය ගංගා ද්රොණිය දෙපස පදිංචි ජනතාව සහ තබ්බෝව ජලාශය ආශ්රිත ප්රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත්විය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර 'ඔර්නබ්' සුළි කුණාටුව අද(26) පස්වරු 5.30 පමණ වන විට බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළිකුණාටුවක් බවට පත් වීමට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කරයි.
එය හෙට වන විට තවදුරටත් වර්ධනය වී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් පත්වනු ඇති.
අනිද්දා(28) වන විට ආන්ද්රා ප්රදේශය හරහා සුළි කුණාටුව ඉන්දියානු වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
එම පද්ධතියේ සෘජු බලපෑමක් මෙරටට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය මෙම වැසි තත්ත්වයට හේතුවී තිබේ.
ඒ අනුව දිවයිනේ නිරිත දිග වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරි දින කිහිපයේද අපෙක්ෂා කරන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, උතුර, සබරගමුව, දකුණ ,මධ්යම සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එම ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
