වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

by Staff writer 25-10-2026 | 7:54 AM

COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් h.

භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදී ය.