.webp)

ඒ , අධිකරණ අමාත්යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත කුමාර විසිනි.
නිත්ය නියෝග සංශෝධනය අනුව යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතුයි.
අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්රියාමාර්ග දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු බවද, එම සංශෝධනවල සඳහන්.
එම කාලසීමාව තුළ ප්රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබා දිය යුතුයි.
කෙසේ වෙතත්, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එලෙස සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතු බවද නිත්ය නියෝග සංශෝධනයට ඇතුළත්.
නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය සඳහා, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතුයි.
වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ මුදාහැරීමේදී ද මෙම නියෝග අවශ්ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බව එම ගැසට් පත්රයේ වැඩිදුරටත් දැක්වේ.
