විහාර මහාදේවි උද්‍යානයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විරෝධතා භූමියේ තියුණු ආයුධ දෙකක් සහිතව රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

by Nadeeshan Meedin 21-10-2026 | 10:55 PM

COLOMBO(News1st) - විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විරෝධතා භූමියේ තියුණු ආයුධ දෙකක් සහිතව රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද රාත්‍රියේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

ඔහු බීමතින් සිටි බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි විශ්‍රාමික යුද හමුදා සමාජිකයෙක්.