ලක්විජය බලාගාරය අද සිට යළි වැඩ අරඹයි...

නොරොච්චෝලේ බලගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද දිනයේ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම්... - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම

by Staff writer 21-10-2026 | 9:12 AM

COLOMBO (News 1st) - නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (21) දිනයේ ජාතික පද්ධතියට එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව, ජාතික පද්ධති  ක්‍රියාකරු සමාගම පවසයි.

එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවෝට් 300 ක්.

මේ අතර අදත් රට කලාප හතරකට බෙදා විදුලිය සැපයුම කළමණාකරණයට සැලසුම් කර තිබේ.

ඒ අනුව සවස 4.30ත් රාත්‍රී 8.30ත් අතර කාලයේ එම කලාපවල විදුලි සැපයුම අත්හිටුවනු ඇති.

හදිසි විදුලිය බිඳ වැටීමක් සමග නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීමෙන් රට තුළ විදුලි කළමණාකරණයට පියවර ගැණුනේ පෙරේදා (19) දිනයේ සිටයි.

නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 810ක්.