ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මෝසමේ දින ගැටළුවක්

ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මෝසමේ දින ගැටළුවක්

by Staff writer 21-10-2026 | 8:12 PM

COLOMBO(News1st) - ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට අවශ්‍ය බව ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මෝසම කොටුව අධිකරණ රෙජිස්ටාර්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(21) දැනුම් දුන්නේ අදාළ මෝෂන් පත්‍රයේ දින පිළිබඳ ඇති වූ ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට අධිකරණෙයේ රෙජිස්ටාර්වරයා කටයුතු කර ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බව, නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු සදහන් කළේ, ඒ හේතුවෙන් අවශ්‍ය නම් විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් මානුෂියව සලකා බලන බවයි.

මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනිමට අසමත් වීම පිළිබඳ නඩුවට අදාළවයි.

සිංගප්පූරුවේදී සිදුකළ හෘද රෝග සැත්කමකින් පසු නියමිත පශ්චාත් ප්‍රතිකාර කටයුතු සඳහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝෂන් පත්‍රයක් ගොනු කළේය.