.webp)
පොලීසිය පැවසුවේ, අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති මිශ්රණ රථයක් පාලනයෙන් ගිලිහී ගොස්, ත්රිරෝද රථ 4ක, යතුරු පැදි 3ක, ටිපර් රථයක හා කුඩා ලොරියක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි.
සිමෙන්ති මිශ්රණ රථය ට්රාන්ස්ෆෝමරයක ද ගැටී ඇති අතර, අනතුරට ලක් වූ යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි සඳහන්.
පොලිසිය පැවසුවේ, අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබන බවයි.
මියගිය හතරදෙනා අතර කාන්තාවක් ද වේ.
ඔවුන් අකුරණ, අලවතුගොඩ සහ මාතලේ පදිංචිකරුවන්.
අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති මිශ්රණ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 46 හැවිරිදි වියේ පසුවේ.
අනතුර හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගයේ වාහන ගමනාගමනටය ද පැය කිහිපයක් බාධා ඇතිවිය.
කාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය ප්රකාශ කළේ ය.
පොලීසිය පැවසුවේ, අනතුර හේතුවෙන් මාතලේ - මහනුවර ප්රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට තරමක බාධා එල්ල වී ඇති බවයි. .
