.webp)

පොලිසිය සදහන් කළේ, සැකකරුවන් දුරකතන රැහැන් කපා තඹ කම්බි ලෙස ක්රිලෝග්රෑම් 28 ක් අවිස්සාවේල්ල ප්රදේශයේ වෙළෙඳසැල්වලට අළෙවි කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු නිට්ටඹුව රන්පොකුනගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
දුරකතන රැහැන් කැපීමට සැකකරුවන් ගිය බව කියන වෑන් රථයක්,රැහැන් පුලුස්සා උණු කරන ලද තඹ කම්බි,ඒවා කැපිමට යොදා ගත් ග්රයින්ඩරයක් ඇතුළු උපකරණ නිට්ටඹුව පොලිසියේ නිළධාරින් සොයාගෙන තිබේ.
වේයන්ගොඩ දඩගමුවේ ස්වාමින් වහන්සේ නමක් වෑන් රථය කුලි රථ ලබාදෙන ස්ථානයකින් ලබාගෙන සැකකරුවන්ට ලබාදි ඇතැයි පොලීසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට ගැනිමට නිට්ටඹුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
