නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්..

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්..

by Staff writer 16-10-2026 | 3:58 PM

COLOMBO(News1st) - ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූවේ ය.  

අද දින සැකකරුවන් සම්බන්ධව ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සූදානම් නොමැති බව පැවසූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප නියෝගය ඔක්තෝබර් 23 ප්‍රකාශයට දින නියම කළේ ය.

සැකකාර ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ ක්‍රිශ් සමාගෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස දීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුව තිබේ.