බන්ධනාගාර ආඥාපනත යාවත්කාලීන වෙයි.

ජනපති විශේෂ කමිටු නිර්දේශ මත, බන්ධනාගාර ආඥාපනත යාවත්කාලීන කරමින් නව චක්‍රලේඛයක්.

by Staff writer 16-10-2026 | 8:02 AM

COLOMBO(News1st) - බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කරමින්, බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර දැරීමට හැකිවන පරිදි රෙගුලාසි වෙනස් කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයා දුන් උපදෙස් ප්‍රකාරව එම චක්‍රලේඛය නිකුත් කෙරුණි.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් එම උපදෙස් ලබා දුන්නේ, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද ජනපති විශේෂ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමිනි.

එම වාර්තාව පෙරේදා දිනයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දුන්හ.