ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂිතතා දිනය අදයි...

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂිතතා දිනය අදයි...

by Staff writer 15-10-2026 | 10:02 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබේ.

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ ස්වාධීනත්වය, ආරක්ෂාව සහ සමාජීය අනන්‍යතාවය සංකේතවත් කරන ප්‍රධාන මෙවලම වන ‘සුදු සැරයටිය’ පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම දිනය සැමරීමේ මූලික අරමුණයි.

සුදු සැරයටි දිනය මුලින්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1964 දී එවකට ඇමරිකානු ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් විසිනි.

ඒ් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුවයි.

පසුව 1969 දී ජාත්‍යන්තර අන්ධ සම්මේලනය විසින් ඔක්තෝබර් 15 වන දින ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ලෙස ලොව පුරා සමරනු ලබන දිනයක් බවට පත් කරනු ලැබුවේ ය.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව, මෙරට දෘශ්‍යාබාධිත ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් අද දිනයේ විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

ඉන් ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ බත්තරමුල්ල සුහුරුපායේදී යි.

මේ ඊට සහභාගී වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා.