මත්ද්‍රව්‍ය සමග ජැමෙයිකානු ජාතිකයින්4ක් අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජැමෙයිකානු ජාතිකයින් 04 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 13-10-2026 | 9:17 AM

COLOMBO(News1st) - කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ජැමෙයිකානු ජාතිකයින් 04 දෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ සහ සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළ සිදු කළ වැටලීමකදීයි

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත පදනම්ව එම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ​කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 49ක්

​අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 23 සහ 52 අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේ ය.

​සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.