අශෝක් අබේසිංහ SJB තනතුරු වලින් ඉල්ලා අස්වෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙයි.

by Staff writer 12-10-2026 | 5:03 PM

COLOMBO(News1st) - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින්, හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.

එහි දැක්වෙන්නේ සමගි ජනබලවේගයේ ඔහු දැරූ කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරය සහ සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති , විපක්ෂ නායකවරයාගේ වෘත්තිය සමිත සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල යන සියලු තනතුරු වලින් අද(12) සිට ඉල්ලා අස්වන බවයි.