පැනමා රාජ්‍යයේ මැග්නිටියුඩ් 7.7ක භූ කම්පනයක්

පැනමා රාජ්‍යයේ මැග්නිටියුඩ් ඒකක7.7ක ප්‍රබල භූ කම්පනයක්, රටවල් නවයකට සුනාමි අනතුරු ඇඟවීම්....

by Staff writer 10-10-2026 | 8:41 AM

COLOMBO(News1st) - පැනමා රාජ්‍යයේ හටගත් මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් පසු මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල් 9 කට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පැනමා, කොලොම්බියා, කොස්ටාරිකා, ඉක්වදෝර්, පේරු, නිකරගුවා, ග්වාතමාලා, එල් සැල්වදෝර් සහ මෙක්සිකෝ යන රටවලට එලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ, පැසිෆික් සාගර කලාපයේ වෙරළබඩ ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

භූ කම්පනයෙන් පැනමා රාජ්‍යයේ පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානී වී ඇතැයි ද, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

භූ කම්පනයේ ප්‍රබලත්වය මිලියන 4.6 ක පමණ පිරිසකට දැනී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.