.webp)
-625520.jpg)
භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හා මාර්ගවලට හානි සිදුව ඇති අතර, ඇතැම් ගොඩනැගිලි අර්ධ වශයෙන් කඩා වැටී තිබේ. පැනමාවේ මධ්‍යම ප්‍රදේශවල ජනතාව ආරක්ෂාව සඳහා ගොඩනැගිලිවලින් ඉවත් කර තිබේ.
පළමු භූමිකම්පාවෙන් පැය දෙකහමාරකට පමණ පසු මැග්නිටියුඩ් 6.6ක තවත් ප්‍රබල භූමිකම්පාවක් ද සිදුව තිබේ.
භූමිකම්පාවෙන් පසු පැනමාව ඇතුළු රටවල් කිහිපයකට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් පසුව ඉවත් කර තිබේ.
පැනමා ඇළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් ද යළි ආරම්භ කර තිබේ.
පැනමා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සිකුරාදා සවස වනවිට මරණ කිසිවක් නිල වශයෙන් වාර්තා වී නොතිබූ බවයි. කෙසේ වෙතත්, හානි පිළිබඳ තක්සේරු කිරීම් තවදුරටත් සිදු කෙරේ.
