.webp)
-625496.jpg)
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ, එම විමර්ශන සටහන් ඇතුලත් උධෘත ගොනු හා එම ප්‍රකාශය අධිකරණ රෙජිස්ටාර්වරියට යොමු කළ බවයි.
ඒ 2024 අංක 08 දරණ අධිකරණ, විනිශ්චය අධිකරණයට හෝ ආයතනයට අපහස කිරිමේ පනතේ ප්‍රතිපාදන අනුව විමල් විරවංශට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට අවශ්‍ය ඉදිරි නිතිමය පියවර ගැනීම සඳහායි
අදාළ ප්‍රකාශය විකාශනය කරන ලද රූපවාහිනි නාලිකා 07 කින් සම්පුර්ණ ප්‍රකාශය ඇතුලත් සංස්කරණය නොකරන ලද විඩියෝ දර්ශන ලබා ගෙන විමර්ශනය කර ඇති අතර එම රැලිය සංවිධානය කරන ලද පුද්ගලයන්ගෙන් හා නිවේදකයන්ගේ, මාධ්‍යවේදින්ගෙන්, ආරක්ෂාව සඳහා යොදවන ලද පොලිස් නිලධාරින්ගෙන්, ක්‍රිඩා පිටිය අවට ප්‍රදේශ වාසින්ගෙන්, ශබ්ධ විකාශන යන්ත්‍ර සපයන ලද පුද්ගලයාගෙන් හා මෙම නඩුකරයට අදාළ සියළු සාක්ෂි සටහන් කරමින් ඒ සඳහා දීර්ඝ විමර්ශනයක් සිදු කළ බවද පොලීසිය පැවසීය.
අධිකරණ රෙජිස්ටාර්වරියට භාර දී ඇත්තේ එම සියලු සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවයි.
2026 සැප්තැම්බර්12 වන දින සිදු කළ එම ප්‍රකාශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරමින් ලබාදුන් අධිකරණ නියෝගය විවේචනයට ලක් කිරීමෙන් අධිකරණයට අපාහසයක් සිදු කර ඇත්තැයි සොයා බලන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම අධිකරණයේ අවධානය යොමු කළේය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිට දුන් නියෝගයක් අනුව එම විමර්ශන මෙහෙයවනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
