ලෝක දෘෂ්ටි දිනය අදයි...

ලෝක දෘෂ්ටි දිනය අදයි...

by Staff writer 08-10-2026 | 8:35 AM

COLOMBO (News 1st) - ලෝක දෘෂ්ටි දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව 'කුඩා දරුවන්ගේ ඇස් ආරක්ෂා කරගනිමු' යන්නයි.

මෙරට ලක්ෂ 42 ක් පමණ වන පාසල් දරුවන්ගෙන් 5% - 10% අතර ප්‍රමාණයක් දෘෂ්ටික ආබාධවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.

News 1st දවසේ විමසුමට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා අක්ෂි වෛද්‍ය අසේල අබේවීර පැවසුවේ වසරකට වරක් හෝ අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී ඇස් පරීක්ෂා කරගැනීමෙන් අක්ෂි රෝග කල්තියා හඳුනා ගත හැකි බවයි.