.webp)

COLOMBO (News 1st) - ඇමරිකානු ඩොලර් මිලියන 25ක මුදල් මෙරටින් බැහැර කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදීයි.
සැකකරු 25 හැවිරිදි කොළෙඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2024 ජනවාරි - 2025 ජූලි කාලය තුළ ඔහු භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් 6ක් හරහා මෙම ජාවාරමේ නිරත වී ඇති බවට, අනාවරය වී තිබේ.
රේගුව කරන ලද පැමිණිල්ලක් අනුව සමාගම් 89 ක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.
