ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකුට අද පත්වීම්...

ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකුට අද පත්වීම්...

by Staff writer 08-10-2026 | 7:56 AM

COLOMBO (News 1st) - නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, පළමු වරට ග්‍රාම නිලධාරී 1,540 දෙනෙකු සඳහා අද පත්වීම් ප්‍රදානය කෙරේ.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් පිරිසකට එම පත්වීම් පිරිනමනු ඇති.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ ​එම පත්වීම් ප්‍රදානයත් සමගම, දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රැසක් නිරාකරණය කරගත හැකි බවයි.