සබරේ සිසුන් 11කගේ ශිෂ්‍යභාවය අහෝසියි....

සබරගමුව සරසවියේ චරිත් දිල්ෂාන්ට නවක වදය දීමට වැරදිකරුවන් වූ සිසුන් 11දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කෙරේ...

by Staff writer 07-10-2026 | 7:33 AM

COLOMBO (News 1st) - සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිසුන් 11දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ.

ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් නැමති සිසුවා සියදිවි නසා ගැනීමට නවක වදය ලබාදීම හේතු වී ඇති බවට, සනාථ වීම හේතුවෙනි.

එම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති  මහාචාර්ය එස්. ඒ. අරියදොරේ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවක නිර්දේශ මත පදනම්ව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් එම පියවර ගත් බවයි.

චරිත් දිල්ෂාන්, නවක වද සිද්ධියකට මුහුණ දීමෙන් අනතුරුව 2023 වසරේ අප්‍රේල් 29 වැනිදා සියදිවි නසා ගත්තේ ය.