තිරප්පනේ බස් අනතුරකින් 14 දෙනෙකුට තුවාල...

තිරප්පනේ බස් අනතුරකින් 14 දෙනෙකුට තුවාල... - පොලීසිය

by Staff writer 07-10-2026 | 8:04 AM

COLOMBO (News 1st) - A9 මාර්ගයේ තිරප්පනේ, ගල්කුලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් පුද්ගලයින් 14 කු තුවාල ලබා තිබේ.

අද (07) අලුයම එලෙස අනතුරට ලක්ව ඇත්තේ නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ බස් රථයක්.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වේ.

ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.