ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

by Nadeeshan Meedin 03-10-2026 | 8:13 PM

COLOMBO(News1st) - ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතාකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ජනතා රැස් කිරීම් හා ශබ්ද විකාශන යන්ත්‍රවලට බලපත්‍ර ලබා නොගැනීමේ චෝදනාව මතයි.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් හෙට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ බදු බරට සහ බඩු මිලට එරෙහිවයි.

විරෝධතාව ආරම්භ කෙරුණේ බොරැල්ල කැම්බල් පිටිය අසළින්.