.webp)
 (3)-624903.jpg)
ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ගොඩනගන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත්නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම රජයේ ප්රමුඛ අරමුණ බවයි.
කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක් කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට ආරම්භ කර ඇති බව ද සඳහන්.
එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරු පරපුර මුදා ගැනීමට සියලු දෙනා එක් කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබෙන්නේ දරුවන්ගේ ඉදිරි ලෝකය සුරක්ෂිත කිරිම වෙනුවෙන් බව ද සිය ළමා දින සුබ පැතුම් පණිවිඩය මගින් ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.
