රුමේෂ් තරංග දිවයිනට...

ආසියානු තරග බිමේදී ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට...

by Staff writer 01-10-2026 | 9:46 AM

COLOMBO (News 1st) - 20වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනූ ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණියේ ය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී පැවැත්වෙන අතර, රුමේෂ් එහි හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 88.55ක දක්ෂතාවක් දක්වමිනි.

ඔහු වාර්තා අතරට එක් වුණේ, ආසියානු ක්‍රීඩා උළෙලක හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.

රුමේෂ් තරංග, මෙම වසරේදී ලැබූ ප්‍රධාන ජාත්‍යන්තර තරග ජයග්‍රහණ අතරට, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම, වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව, අදියර 4ක්ද සමගින් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ ශූරතාව ද ඇතුළත් වේ.

මේ අතර 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගය අද(01) පැවැත්වේ.

අද තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

පරාජය වන කණ්ඩායම පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජපානයේ නිස්ෂින්හිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.