රුමේෂ් තරංගට ආසියානු රන් පදක්කම

රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගනී

by Staff writer 28-09-2026 | 7:01 PM

COLOMBO(News1st) - ආසියානු ක්‍රීඩා උළෙලක හෙල්ල විසි කිරීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක් වුණි.

ඒ, ජපානයේ අයිචි - නගෝයාහිදී පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

රුමේෂ් තරංග සමග මෙම තරගයට වත්මන් ඔලිම්පික් ශූර පාකිස්ථානයේ අර්ෂාඩ් නදීම් ඇතුළු දක්ෂ ක්‍රීඩකයින් රැසක් සහභාගී වුණි.

රුමේෂ් එහි රන් පදක්කම දිනා ගත්තේ මීටර 88.55ක දක්ෂතාවක් දක්වමින්.