මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනයේ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 27-09-2026 | 8:24 AM

COLOMBO (News1st) - යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, ජාවාරම් සිදු කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන යාත්‍රාවක්ද සිය බාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතයි.