පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරිමෙන් එක් අයෙකු මරුට

පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවු පිපිරිමෙන් තුවාල ලැබු එක් අයෙකු මිය යයි.

by Staff writer 26-09-2026 | 5:55 PM

COLOMBO(News1st) - පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ අද(26) අළුයම සිදු වූ පිපිරීමෙන් බරපතල තුවාල ලබා සිටි රෝහල් සේවකයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පිපිරීමට හේතුව, ගෑස් නලයක සිදු වූ කාන්දුවක් බවයි.

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ  පිපිරීම සිදුව තිබුණේ අද අළුයම 4ට පමණ.

පිපිරීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලැබී ය.

ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී එක් අයෙකු මියගිය අතර තවත් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මියගිය පුද්ගලයා 36 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පිපිරීමෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුව තිබේ.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක්  පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවූ අතර

පිපිරීමෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වුවත්, රෝහලේ කොටසක කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ.