පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට

by Hashini De Mel 26-09-2026 | 11:57 AM

COLOMBO(News1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ, 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම අනුවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතරින්.

කැළණිය විශ්ව විද්‍යාලය ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 237 වැනි ස්ථානයටත් සහ කොළඹ විශ්වවිද්‍යාල ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 276 අතරටත් ඇතුළත්ව තිබේ.

එම දර්ශකයට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇත්තේ ලොව හොඳම පරිසර හිතකාමී විශ්වවිද්‍යාලය ලෙසයි.