තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.

තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.

by Staff writer 26-09-2026 | 10:32 AM

COLOMBO(News1st) - වනාන්තර 20ක්, රක්ෂිත ලෙස අද(26) ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ, "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑලිය සඳතැන්න වන විද්‍යාලයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනූව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර වල දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් එලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් පත් කෙරේ.

ඊට අයත් භූමි ප්‍රමාණය, හෙක්ටයාර 9538කට ආසන්නයි.

පරිසර අමාත්‍යංශය, මේ වන විට වනාන්තර 93 ක් රක්ෂිත ලෙස ගැසට් කර තිබේ.

අද රක්ෂිත වන වනාන්තර සමග මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නයි.

2025 වසරේ ජගත් පරිසර දිනයෙන් ඇරඹි මෙම ජාතික වැඩසටහන යටතේ වසරක් තුළ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර සංඛ්‍යාව, 86ක්.