අදායම්බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

ඉලෙක්ට්‍රොනික අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි.

by Staff writer 25-09-2026 | 8:09 AM

COLOMBO(news1st) - බස්නාහිර පළාතේ හැර සෙසු පළාත් 8හි අද(25) සිට ඉලෙක්ට්‍රොනික අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.


ඒ ඉලෙක්ට්‍රොනික වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරිම පද්ධතිය යාවත්කාලීන කිරිමට කටයුතු යෙදීම හේතුවෙන්.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ, ලබන 28 වැනිදා දක්වා එම පද්ධතිය යාවත්කාලීන කිරිම් කටයුතු සිදු කෙරෙන බවයි.

ලබන 29 වැනිදා සිට නැවත සාමාන්‍ය පරිදි එම සේවාවන් ලබාදිමට කටයුතු  කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේය.