ක්‍රිෂ්සමාගමේ හිටපු විධායක නිලධාරී ජානකීඅත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක නිලධාරී හා අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

by Staff writer 24-09-2026 | 3:26 PM

COLOMBO (News 1st) - ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක නිලධාරී හා අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක අල්ලස් දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බව අල්ලස් කොමිසම පැවසුවේ ය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.