විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...

පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කරගැනීමට සැලසුම් - බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

by Staff writer 12-09-2026 | 8:38 AM

COLOMBO(News1st) -  විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ, පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.

මේ අතර, පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහි ප්‍රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවයි.

ඒ සදහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව, ඔහු සඳහන් කළේ ය.