පියංකරට එරෙහිව තවත් වැඩිදුර විභාගය ඔක්තෝබර් 12

පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ තවත් දූෂණ චෝදනා සම්බන්ධ නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 12 වැනිදා

by Staff writer 11-09-2026 | 10:04 PM

COLOMBO (News 1st) -දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් දූෂණ චෝදනා සම්බන්ධ නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සිර ගත කර සිටින විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්න බන්ධනාගාර නිලධාරීන් විවෘත්ත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

එහිදී අදාල  විමර්ශනයට  සම්බන්ධ වූ නිලධාරියකු මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස එක් කර ගැනීමට අවසර දෙන්නැයි   අල්ලස් කොමිසම  අධීකරණයෙන් කළ ඉල්ලීමට අවසර හිමිවිය.

අල්ලස් කොමිසම විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ, 2013 වසරේ මැයි මස 10 වනදා සහ ජුනි මස 6 වැනිදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීමෙන් රජයට  රුපියල් 128,520/-  ක පාඩුවක් සිදු කිරීම තුළින් "දූෂණය" නැමති වරද සිදුකළ බවට චෝදනා කරමින් ය.