කබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයි

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් තමා නිදහස් කරන්නැයි ඉල්ලා කබ්රාල් ගොනු කළ අභියාචනය ඔක්තෝබර් 9 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

by Staff writer 11-09-2026 | 9:58 PM

COLOMBO(News1st) - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගොනු කර ඇති අභියාචන පෙත්සම, ඔක්තෝබර් 9 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේ ය.

ඔහු ඉල්ලා ඇත්තේ 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් තමා නිදහස් කරන ලෙසයි.

ග්‍රීක බැඳුම්කර සඳහා රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කර, රජයට පාඩු  කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි

ඊට එරෙහි අභියාචන පෙත්සම අද කැඳවූයේ  ,අචල වෙංගප්පුලි,මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.