මින්නේරියදී බස් රථයක් ඇලකට පෙරළී 20කට තුවාල

මින්නේරිය, 7 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ඇලකට පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරයි.

by Staff writer 10-09-2026 | 8:13 AM

COLOMBO(News1st) - පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, 7 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් 16 දෙනෙකු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 4 දෙනෙකු හබරණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ අඹගස්වැව සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්

අනතුරින් බස් රථයේ රියැදුරුද තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.