.webp)

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ඊට පෙර ඔහු අද උදෑසන නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල වෙත සංචාරය කිරීමට නියමිත බවයි.
ජනප්‍රවාදයේ යෙදෙන රාමායනය වැනි ඓතිහාසික පුරාවෘත්තයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු සබැඳියාවන් වර්ධනය කිරීම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ අරමුණ බව මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුශාර රොද්‍රිගෝ සඳහන් කළේ ය.
සීතා අම්මාන් කෝවිල පරිශ්‍රයේදී, ඉන්දියානු සම්භවයක් ඇති මෙරට වතුකර ජනතාව හමුවී ඔවුන් ධෛර්යමත් කිරීමද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ නුවරඑලිය සංචාරයේ තවත් අරමුණකි.
