.webp)
 (1)-623503.jpg)
විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවසුවේ ඉන් අනතුරුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් හමුවී සුහද කතා බහක නිරතවීමට නියමිතව ඇති බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවද අද පස්වරුවේ පැවැත්වෙනු ඇත.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමකට එක්වීමට නියමිතයි.
හෙට(10) උදෑසන ඔහු නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල බලා යාමට නියමිතව ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.
අද පෙරවරුවේ පැවැත්වෙන ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවේදී ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
