වර්ජනයෙන් සෙවනගලට වූ පාඩුව මි.250ක්...

සේවක වර්ජනයෙන් සෙවනගල සීනි කර්මානත ශාලාවට වූ පාඩුව මිලියන 250ක් - ලංකා සීනි සමාගම

by Staff writer 07-09-2026 | 9:46 AM

COLOMBO (News 1st) - සේවක වැඩ වර්ජනයත් සමග සෙවනගල සීනි කම්හල වසා දැමීම හේතුවෙන් රුපියල් මිලියන 250 ක පාඩුවක් සිදුව ඇතැයි' ලංකා සීනි සමාගම පවසයි.

එහි සභාපති අතුල කුමාර සඳහන් කළේ, අගෝස්තු 25 වැනිදා සිට සේවකයන් රාජකාරියට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබූ බවයි.

ඒ අනුව පාලනාධිකාරිය සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පසුගිය 29 වැනිදා සිට තාවකාලිකව වසා දැමුවා.

සභාපති අතුල කුමාර සඳහන් කළේ, සේවකයින් සමග පසුගියදා කර්මාන්ත අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැති බවයි.

එහිදී ඔවුන්ගේ ගැටලු විසඳන බවට පලවූ එකඟතාව මත පෙරේදා (05) පෙරවරුවේ ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බවද සභාපතිවරයා සඳහන් කළේ ය.