.webp)
 (1)-623319.jpg)
ඒ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගයේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව ජය ගනිමිනි.
වසරක් තුළ අදියර කිහිපයකින් පැවැත්වෙන මෙම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගයේදී එක් එක් ඉසව් ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩයමන් ලීග් ශූරතා හිමිවේ.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැති තරගයේදී මීටර් 89යි දශම 0යි 4ක් දක්ෂතාවක් රුමේෂ් තරංග ප්‍රදර්ශනය කළේ ය.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වන්නේ ඩයමන්ඩ් ලීග් ශූරතාව දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.
ඔහු මේ වන විට හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම් හි පෙරමුණේ පසුවේ.
