යාපනයේ ළිඳකින් පතරොම් 2,200 ක් සොයා ගැනේ.

යාපනයේ අත්හැර දැමූ ළිඳකින් T56 පතරොම් 2,200 ක් සොයා ගැනේ.

by Staff writer 06-09-2026 | 3:25 PM

COLOMBO(News1st) - යාපනය, ඇන්තනීපුරම් ප්‍රදේශයේ අත්හැර දැමූ ළිඳකින් T56 වර්ගයේ පතරොම් 2,249ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම ළිඳ  පිහිටි ඉඩමේ හිමිකරුවන් ලබාදුන් තොරතුරකට අනූව ඒවා සොයාගත් බවයි.

පෙට්ටියක බහා තිබී හමුවූ එම පතරොම් තොගය ඉතා පැරණි තත්ත්වයේ පවතින බව, හඳුනාගෙන තිබේ.

අදාළ පතරොම් තොගය නිෂ්ක්‍රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.