.webp)

COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, එම ඇගයීම් කටයුතු අදියර තුනක් යටතේ ක්‍රියාත්මක බවයි.
ඇගයීම් කටයුතු ඔක්තෝම්බර් 25 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
උසස් පෙළට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් මාසයේ 24 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
ප්‍රතිඵල මෙම වසර අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.
පසුගිය මස 10 වැනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගය ඊයේ (05) දිනයෙන් අවසන් විය.
මෙවර විභාගය සදහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310 ක්.
