.webp)
 (7)-623279.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් සම්මත කර ඇති එම යෝජනාව ටෝංගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කර ඇති බවයි.
එය නම් කර ඇත්තේ “Correct the Map” ලෙසයි.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
ඊට විරුද්ධව ඡන්දය ලබාදී ඇත්තේ, ඇමරිකාව පමණයි.
රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 16 වන සියවසේ සිට බහුලව භාවිත වන සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව, ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වී ඇති බවයි.
අප්‍රිකා මහද්වීපය, ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, 1569 දි නිර්මාණය කළ සිතියම් ආකෘතියේදී එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
පසුව Equal Earth ලෙස හඳුන්වන සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කළේය.
එම සිතියම් ආකෘතිය මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54 ම පිළිගත්තේය.
ඉන්, අප්‍රිකාවේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන ඔවුන් ප්‍රකාශ කළේය.
