.webp)

නැගෙනහිර සහ ඌව පළාත් මෙන්ම පොළොන්නරුව , මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ රැසක මේ වන විට පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි
වියලි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් එක් ලක්ෂ 16,822 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ඊට පවුල් 4,290ක් අයත් වේ.
මේ වන විට පවුල් 35,149ක පුද්ගලයින් 115,534 දෙනෙකු සඳහා ජලය බෙදාහරිමින් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ අම්පාර දිස්ත්‍රික්කයේයි.
