160 වැනි පොලිස් දිනය අදයි...

160 වැනි පොලිස් දිනය අදයි...

by Staff writer 03-09-2026 | 7:24 AM

COLOMBO (News 1st) - 160 වැනි පොලිස් දිනය අදට(03) යෙදී තිබේ.

පොලිස් දින සැමරුම අද තිබිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

1866 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රී ලංකා පොලිස් සේවය ආරම්භ වු අතර, එතැන් සිට වසර 160ක කාලයක් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සුවිශේෂී මෙහෙවරක නිරතව සිටී.

ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම, අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය කිරීම මෙන්ම රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම ශ්‍රී ලංකා පොලිසියට පැවරී ඇති ප්‍රධාන වගකීම් අතරට අයත්.

වසර 160ක ඉතිහාසය තුළ රාජකාරියේදී දිවි පිදූ සහ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් සේවය කළ පොලිස් නිලධාරීන් ද අද දිනයේදී සිහිපත් කෙරෙනු ඇති.