.webp)
 (3)-623116.jpg)
සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ, හෝමූස්හී පාලනය දැන් ඇමරිකාව සතු බැවින් එහි නාමයද වෙනස් කළ යුතු බවයි.
ඇමරිකානු හමුදා ඉරානයේ බිම් බෝම්බ ඉවත් කොට හෝමූස්හී පාලනය සියතට ගෙන ඇති බවට ප්‍රකාශ නිකුත් කලද, තවමත් එහි නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්ව නොමැත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වූ දිනයේ සිට විවිධ ස්ථාන සහ ගොඩනැගිලිවල නම් වෙනස් කිරීමට කටයුතු කර තිබේ.
පසුගියදා උතුරු ඇමරිකාවේ පංච මහා විල් අතුරින් එකක් වන ඔන්ටාරියෝ විල, ලේක් ඇමරිකා ලෙසත්, මෙක්සිකානු බොක්කේ නම ඇමරිකානු බොක්ක ලෙසත් වෙනස් කිරීම ඒ අතරින් කිහිපයක්.
ෆ්ලොරිඩා පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපොලද,, "ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපොල" ලෙස වෙනස් කෙරුණු අතර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝන් එෆ් කෙනඩිට උපහාරයක් වශයෙන් ඉදිකෙරුණු කෙනඩි මධ්යස්තානයටද ට්‍රම්ප් ඔහුගේ නම ඇතුළත් කරගැනීමට කටයුතු කළේ ය.
